ඉන්දුනීසියා නිල සංචාරය නිම කළ ජනපති යළි දිවයිනට

දින තුනක සාර්ථක ඉන්දුනීසියානු නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 06 වනදා ඉන්දුනීසියාව බලා පිටවත් ගිය අතර එහි ජකර්තා නුවර පැවති ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම අරමුණු කරගනිමින් ජනාධිපතිවරයා මෙම සංචාරය සදහා සහභාගි විය.

සමුළුවව අතරතුර ජනාධිපතිතුමා දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජාකොබ් සූමා, ඉන්දීය උප ජනාධිපති මොහොමඞ් හමීඞ් අන්සාරි, ඕස්ටේ‍්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බූල් සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා යන මහත්ම මහත්මීන් සමග ද ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top