වව්නියාවේ සිඳුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

වව්නියාව, ඕමන්තේ ප්‍රදේශයේ අද පෙරවරුවේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, ළමුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයක් පාලමක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

අනතුරෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ කන්දයියා මාරියායි (56) නැමැති කාන්තාව සිද්ධිය ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඇයගේ මුණුබුරන් වන ඩිලානි (2) සහ ඩෙනුසන් (7) යන ළමුන් දෙදෙනා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර තිබේ.

ත්‍රී රෝද රථයේ රියදුරා සහ ළමුන්ගේ මව සුළු තුවාල සමඟ දිවි බේරාගෙන ඇති බව වාර්තාවේ. රථයේ රියැදුරාට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශණවලින් අනාවරණයවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top