උපාධිධාරීන් නිසා අඩාලවූ පළාත් සභාව – ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡා කරන බවට පොරොන්දුවක්..

රැකියා ඉල්ලා විරෝධතාවයක නිරතවූ උපාධිධාරීන් නිසා උතුරු පළාත් සභාවේ සැසිවාරය පැය 2 1/2ක් පමණ ප්‍රමාදවී ආරම්භ විය. උතුරු පළාත් සභාවේ 87වන සැසිවාරය අද දින කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් සභා පරිශ්‍රයදී පැවැත්වුණි. ඉකුත් සැසිය ආරම්භ වීමට පෙර උතුරු පළාත් උපාධිධාරීන් රැකියා ඉල්ලා පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

අනතුරුව උපාධිධාරීන් වෙනුවෙන් නියෝජිතයන් හත් දෙනෙකුව පළාත් සභාවට කැඳවා ඔවුන් සමඟ පැය 1 1/2ක් පමණ කාලයක් සාකච්ඡා කළ අතර, එහිදී පළාත් සභා අමාත්‍යංශයේ යටතේ පවතින රැකියා පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීමට සූදානම් බවත්, එයට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමැතිය ලබාදුන්නේ නම් රැකියා ලබාදිය හැකි බැවින් ඒ සඳහා ලබන 13වනදා ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවට උපාධිධාරින්ගේ නියෝජිතයන් වෙත පොරොන්දු වූහ.

ඉන් අනතුරුව උපාධිධාරීන් විසින් පළාත් සභාව ඉදිරිපිට පවත්වාගෙන ගිය විරෝධතාවය අවසන් කළ නමුත්, තමන්ට ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පවත්වාගෙන යන තම විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන බවට ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top