ශිෂ්‍යත්ව පංති – සම්මන්ත්‍රණ අද සිට තහනම්

26a8595bb1d20a9361ae1165668813f8_Lපහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති හා සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ දේශන, අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම, මුද්‍රණය කිරීම හා බෙදාහැරීම අද සිට තහනම් වනු ඇත.

අදාළ නියෝග කඩ කරනු ලබන පුද්ගලයින් සහ සංවිධානයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top