කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.පී ලියනගේ පත් කරයි..

ව්‍යාපාරිකයකු වන ඒ.එස්.පී ලියනගේ මහතා කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ 10 පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීමේ ලිපිය ලබාගත් බවයි.

ඒ.එස්.පී ලියනගේ මහතාගේ නම තානාපති ධූරය සදහා යෝජනා කර තිබීම පිළිබදව පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සබාව විසින් පරීක්ෂාවටද ලක් කර තිබූ බව ද පැවැසේ.

ඒ.එස්.පී ලියනගේ මහතා පසුගිය රජය යටතේ නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළ අතර ඔහුගේ නිවසද හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනයට ලබාදී පසුව යලි ලබාගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top