අතුරුදන්වූවන් සෙවීමට කොමිසම් සහ වසර කීයක් අවශ්‍ය ද – වව්නියාවේ විරෝධතාවය

පසුගිය දින 16ක් තිස්සේ අතුරුදන්වූවන්ගේ ඥාතින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරමින් නව ප්‍රජාතන්ත්‍රික මාක්සිස ලෙනින්වාදී පක්‍ෂය විරෝධතා පාගමනක් පවත්වා තිබේ.

ඉකුත් විරෝධතා පාගමන අද පෙරවරු 11ට පමණ වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලය අසලින් ආරම්භවී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාව පවත්වාගෙන යන ස්ථානයට පැමිණ තිබේ.

‘ත්‍රස්ත මර්ධන පනතා වහාම අහෝසි කරනු!, දේශපාලන සිරකරුවන් සියළු දෙනා වහාම නිදහස් කරනු! අතුරුදන්වූවන්ට පිළිතුරු ලබා දෙනු!, අතුරුදන්වූවන් සෙවීමට නුඹට කොපමණ කොමිසම් සහ වසර කීයක් අවශ්‍ය ද? වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරතවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top