කරුනා අම්මාන් සිය පක්‍ෂ කාර්‍යාලය විවෘත කරයි..

නැවත පදිංචි කිරීමේ හිටපු නියෝජ්‍ය ඇමැති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් යුතු දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ දේශපාලන පක්‍ෂ ප්‍රධාන කාර්‍යාලය අද (11) දින මඩකළපුව කල්ලඩි ප්‍රදේශයේදී පක්‍ෂෙය් නායක කරුනා අම්මාන් විසින් විවෘත කර තිබේ.

පසුගිය පෙබරවාරි (11) වනදා මෙම පක්‍ෂය පිහිටුවා තිබුණි. මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස ටී. කමලදාස් පත්කර තිබෙන අතර, මඩකළපුවේ සිට උතුර, නැගෙනහිර ඒකාබද්ධ කර දේශපාලන කටයුතු පවත්වාගෙන යන අරමුණින් මෙම පක්‍ෂය ක්‍රියාත්මකවීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top