සිවාජිලිංගම් ඉදිරිපත් කළ යෝජනාව වෛ. තවනාදන් ඉරා විසි කරයි ..

උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින් ඉදිරිපත් කළ යෝජනාව විපක්‍ෂ නායක වෛ. තවනාදන් විසින් සභාවේදී ඉරා විසිකර තිබේ. උතුරු පළාත් සභාවේ විශේෂ සැසිවාරය අද දින පැවැත්වුණි. පසුගිය සභා සැසිවාරයේදී එම්.කේ. සිවාජිලිංගම් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය 2015 වසරේදී සම්මත කළ යෝජනා සියල්ල ක්‍රියාත්මක කළ යුතු යැයි ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කළේය.

එදින ඉකුත් යෝජනාව විවාදයට නොගත් අතර, අද දින එය විවාදයට ගන්නා බව සභාපති ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව අද දින ඉකුත් යෝජනා කෙටුම්පත අද දින විවාදයට ගත් අතර, එහිදී ‘ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිමවේදයකට ඇතුලත් කරන්නැයි සමාජික රටවල්වලින් ඉල්ලා සිටීම‘ යන පැරණි යෝජනාවට ඇතුලත් කර සිය යෝජනාව සිවාජිලිංගම් විසින් ඉදිරිපත් කළේය.

එයට ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කළෝය. එහිදී විපක්‍ෂ මන්ත්‍රී වෛ. තවනාදන් පසුගිය සැසිවාරයේ ඉදිරිපත් කළ යෝජනාව සහ අද ඉදිරිපත් කර ඇති යෝජනාව වෙනස් බවත්, මෙම ක්‍රියාවලිය තුළින් සිවාජිලිංගම් සභාව අවමන් කර ඇති බව පවසමින් සිවාජිලිංගම්ගේ යෝජනාව ඉරා දැමුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top