සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය හෙලා දකිනවා – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන ලද මිලේච්ඡ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

ඊයේ (14) කොළඹ එම සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

රටට පිළිලයක් වී ඇති “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන ලද මිලේච්ඡ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවත්, පුද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් ඉදිරියේදී රටතුළ දැවැන්ත සමාජ ආර්ථික ගැටළුකාරී තත්ත්වයක් මතුවනු ඇති බවයි. ප්‍රමිතියකින් තොර ආයතනයක් තුළින් වෛද්‍යවරුන් බිහිකිරීම තුළින් රටේ වෛද්‍ය අධ්‍යාපනය, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යන අංශයන්හි ගුණාත්මකභාවය සහමුලින්ම බිදවැටෙනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top