ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය අමරදේවයන්ට

ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලියු.ඩී. අමරදේව සූරින් වෙනුවෙන් පිරිණමා තිබේ.

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වෙන ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (20දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

වසර 12කට පසු පැවැති මෙම සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 89 දෙනෙක් ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙහිදී ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලියු.ඩී. අමරදේව සූරින් වෙනුවෙන් පිරිණමන ලදී.

1986 ජාතික සම්මාන පනත අනුව පිරිනැමුණ මෙම සම්මාන සඳහා සුදුස්සන් තෝරාගනු ලබුවේ ඒ ඒ පුද්ගලයන් විසින් හා මහජන සංවිධාන මඟින් එවනු ලබන නාම යෝජනා විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් පරීක්ෂා කොට මෙම සම්මාන ලැබිය යුතු පුද්ගලයන් තෝරාගනු ලබයි.

මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරෑ ජයසූරිය යන මහත්වරැන් සහ මැති ඇමතිවරුන් ද, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top