උතුරු පළාත් සභාවේ ජාත්‍යන්තර විභාග ක්‍රමවේදය පිළිබඳ යෝජනාව එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරයි..

ජාත්‍යන්තර විභාග ක්‍රමවේදය අවධාරණය කර මෑතකදී උතුරු පළාත් සභාවේ සම්මත කළ යෝජනා කෙටුම්පත ඊයේ දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත භාරදී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරයට සහභාගිවී සිටින උතුරු පළාත් සභාවේ ආනන්දි සසිදරන්, සහ සිවාජිලිංගම් යන මන්ත්‍රීවරුන් විසින් ඉකුත් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඉකුත් යෝජනාවේ පිටපතක් එක්සත් ජාතීන් සංවිධානයේ මහ ලේකම් අන්දෝනියෝ කුට්ටෙරසිට් වෙත ද යවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top