රටවල් අටකින් ලැප්ටොප් හා ඉලෙක්ට්‍රෝනික් උපකරණ ගුවන් යානාවලින් රැගෙන ඒම ඇමරිකාවෙන් තහනම් කරයි..

ඊජිප්තුව, කටාර් ඇතුළු රටවල් අටකින් ලැප්ටොප් හා ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ඇතැම් ස්මාර්ට් ජංගම දුරකතන ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ මගීන් අත ගෙන යන ගමන් මලු තුළ රැගෙන යෑම තහනම් කිරීමට ඇමෙරිකාව සහ එංගලන්තය තීරණය කර ඇත. කෙසේ නමුත් ජංගම දුරකථනය සහ වෛද්‍ය උපකරණ ගෙන ඒමට කිසිඳු තහනමක් නොමැති බව පැවැසේ.

ඊජීප්තුව, ජෝර්දානය, කුවෛට්, මොරෝක්කෝ, කට්ටාර්, සවූදි අරාබියාව, තුරුක්කිය, සහ එක්සත් ආරාබි එමිර්රාජ්‍ය යන රටවල්වලින් පැමිණෙන ගුවන් මඟින්ට එවැනි උපකරණ ගෙන යාමට තහනම් කර තිබේ.

ත්‍රස්තවාදී කණ්ඩායම් ගුවන් යානා ඉලක්ක කරමින් සිටින බවට සහ පාරිභෝගික භාණ්ඩ තුළ සඟවා පුපුරන ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කරමින් සිටින බවට ලැබුණු විදේශ බුද්ධි අංශ වාර්තා අනුව මගීන්ගේ ආරක්ෂාව සදහා මෙම තීරණය ගෙන අැති අතර එම නීතිය ඊයේ (21) දින සිට ක්‍රියාත්මක කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top