විදුලිබල ලේකම්වරයා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ ලේකම් ඩී.එම්.එස් බටගොඩ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළදී වත්කම් හා බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු අද කැඳවා තිබූ අතර, එහිදී 1වෙනි සාක්ෂිකරු ලෙස නම් කොට ඇති විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් මෙලෙස නියෝග කර තිබේ.

අදාළ නඩුව ජූලි 6 වන දා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top