එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ ක්‍රියාවල නිරතවූ බවට වාර්තාවක් ඉදිරිපත් කරන බවට පළවූ තොරතුරුවල සත්‍යතාවයක් නැහැ?

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් සයිද් අල් හුසෛන් මහතා සමඟ සාකච්ඡා හමුවක් පැවැත්වීමට, ඒකාබද්ධ විපක්‍ෂයෙන් නියෝජිත සරත් වීරසේකර මහතා විසින් කිසිඳු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද අපරාධ සිදු කළ බවත්, යුද හමුදාව කිසිඳු යුද අපරාධයක් සිදු නොකළ බව සඳහන් වාර්තාවක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මෙරට මාධ්‍ය කිහිපයකින් තොරතුරු පළ කර තිබුණි.

සරත් වීරසේකර මහතා විසින් ඉකුත් වාර්තාව ඉදිරිපත් කරනු ඇති බවත්, මහ කොමසාරිස්වරයාව හමුවී එම වාර්තාව භාරදී එය ගැන කරුණු පැහැදිළි කිරීමට නියමිත බව ද සඳහන් කර තිබුණි. කෙසේ නමුත් එවැනි කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්‍යාලය ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන අතුරු සැසියකදී සරත් විරසේකර මහතා දේශනාවක් පවත්වා ඇති නමුත් ප්‍රධාන සැසියදී ඔහු කිසිඳු අදහසක් ප්‍රකාශ කර නැති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top