එ.ජා. සංවිධානයට ලබාදුන් පොරොන්දුව ශ්‍රී ලංකාව ඉටුකළ යුතුයි – බ්‍රිතාන්‍ය

එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දුව ඉටුකළ යුතු බව බ්‍රිතාන්‍ය අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන වැදගත් කරුණු කිහිපයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වාදී ඇති බව ද බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු අමාත්‍ය Baroness Joyce Anelay මහත්මිය පවසා තිබේ.

කෙසේ නමුත්, යුද්දය හේතුවෙන් ඇති වූ විනාශය සම්බන්‍ධයෙන් තවත් කරුණු රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සම්මත කළ යෝජනාව අගය කළ යුතු යැයි ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top