“ද බෑන්කර් ” සඟරාවෙන් මුදල් ඇමැතිට සම්මානයක්..

ලොව ප්‍රධාන පෙළේ මුල්‍ය සඟරාවක් වන “ද බෑන්කර් ” සඟරාව මඟින් ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට, ඊට අදාළ සම්මාන පසුගිය 24දා ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමින් මෙලෙස සම්මානයක් ලබාදී තිබේ.

ශී‍්‍ර ලංකාව දැන් මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය හසුරවන බව ජාත්‍යන්තරයද පිළිගෙන ඇති බව ‘ ද බෑන්කර් ’ සඟරාව විසින් පිරිනමන ලද සම්මානය භාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top