ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – ඩයස්පෝරා දෙමළ සංවිධාන

ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් සිදු කරන්නැයි ඩයස්පෝරා දෙමළ සංවිධාන ඉල්ලා තිබේ. බ්‍රතාන්‍ය දෙමළ සභාව, ඇමරිකානු දෙමළ දේශපාලන ව්‍යාපාරය, කැනඩානු දෙමළ සභාව යන සංවිධාන එක්වී වාර්තාවක් මඟින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට වසර දෙකක කාලයක් ලබාදී ඇති බවත්, මෙමඟින් ශ්‍රී ලංකා රජය ඉබේම ජාත්‍යන්තර උගුලකට අසුවී ඇති බවද ඔවුන් පෙන්වාදී තිබේ.

තවද වගවීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණය ගැන ශ්‍රී ලංකාව වගවීමේ අවශ්‍යතාවය යළිත් වරක් ජාත්‍යන්තරය විසින් තහවුරු කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top