කහතුඩුව ප්‍රදේශයේ සිඳු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

කහතුඩුව රිළාවල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. එහිදී තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තාවේ.

ගොඩකවෙල ප්‍රදේශයේ සිට ත්‍රීරෝද රථයකින් බොරලැස්ගමුව වැඩබිමකට පැමිණි පිරිසක් මෙලෙස අනතුරට ලක්වී තිබේ.

කහතුඩුව රිළාවල ප්‍රදේශයේදී අතුරු මාර්ගයකින් පැමිණි ටිපර් රථයක මෙම ත්‍රීරෝද රථය ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හතර දෙනා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තත්ත්වයේ පසුවන දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

ටිපර් රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය විසින් වැඩිදුර පරික්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top