හමුදාව යටතේ තිබෙන දෙපාර්තුමෙන්තුවලට අයත් ඉඩම් නිදහස් කරන්නැයි විරෝධතාවක්..

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හමුදාව යටතේ තිබෙන දෙපාර්තුමෙන්තුවලට අයත් ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා දිස්ත්‍රික්ක ගොවි සම්මේලනය විසින් විරෝධතා පාගමනක් අද (27) දින පවත්වා තිබේ. පෙරවරු නවයට පමණ වට්ටකච්චිය ගොවිපළ ඉදිරිපිට ආරම්භ වූ විරෝධතා පාගමන කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා පැමිණ එහිදී ජනාධිපති සහ අගමැතිවරයා වෙත යැවීම සඳහා සංදේශයක් ද භාරදුන්හ.

මෙම අවස්ථාවට උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති අයියන්කරනේසන්, උතුරු පළාත් සභා මන්ත්‍රී සු. පසුපතිපිල්ලේ, පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන්, ගොවි ජනතාව, සිවිල් සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල් පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top