රන් පදක්කම් 9ක් ලබාගත් ලොව වේගවත්ම මිනිසා

Boltජැමේකානු ජාතික සුපිරි මළල ක්‍රීඩක යුසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් 9ක් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඒ 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 x 4 පිරිමි සහය දිවීමේ තරගයේ රන් පදක්කම උසෙයින් බෝල්ට් ඇතුළු ජැමෙයිකානු ක්‍රීඩකයෝ දිනා ගැනීමෙන්ය. ජයග්‍රාහී ජැමෙයිකා කණ්ඩායම උසෙයින් බෝල්ට්, අසාෆා පවෙල්, යොහාන් බේල් සහ නිකල් ඇශ්මිඩ් නියෝජනය කළ අරත, ඔවුන් ඒ සඳහා ගත කළ කාලය තත්පර 37.27කි.

මීටර් 100 x 4 පිරිමි සහය දිවීමේ ඉසව්ව ජය ගැනීමත් සමග ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් මේ වන විට ජය ගෙන සිටින මුළු ඔලිම්පික් පදක්කම් ගණන 9කි. මීට කලින්, රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 හා මීටර් 200 පිරිමි ධාවන ඉසව් දිනාගැනීමට ද ඔහු සමත් විය.

වසර 2008 බීජිං ඔලිම්පික් උළෙලේ හා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ද මීටර 100, 200 හා 4x100m ඉසව් සඳහා රන් පදක්කම් ත්‍රිත්වය බැගින් ලබා ගත් බෝල්ට්, මෙම ඔලිම්පික් උළෙලේද එම දස්කම් දැක්වීමත් සමග ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්ව තුනක් වාර්තා කළේය.

උසෙයින් බෝල්ට් සහභාගී වූ අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙය වන අතර සිය ඔලිම්පික් ගමන් මගෙහි වාර්තා තබමින් ජයග්‍රාහී ලෙස සිය ඔලිම්පික් ගමන් මග නිමා කිරීමට උසෙයින් බෝල්ට් සමත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top