අක්කරායන් පාලම ගැන සොයා බලන්නැයි ඉල්ලීමක්..

කිලිනොච්චිය අක්කරායන් පාලමේ ඉදි කිරීම් කටයුතු සිදු නොකර තමන් දේශපාලකයන් හා නිළධාරීන්ගේ රැවටීමට ලක්වී ඇති බව අක්කරායන් ප්‍රදේශවාසීන් කණගාටුව පළ කර තිබේ. අක්කරායන් වැව වාන් දමන විට එහි තිබෙන කුඩා පාලම හරහා මීටර සීයක දුරට අඩි තුනකට වඩා ජලයෙන් යටවීම හේතුවෙන් අක්කරායන් ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු අඩාලවේ.

පවුල් 4000ක ජනතාව ගමන් කරන එම මාර්ගයේ ගුවන් පාලමක් ඉදිකළ යුතු යැයි අක්කරායන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති. නිළධාරීන් සහ දේශපාලකයන් විටින් විට පැමිණ එම පාලම නීරීක‍්ෂණය කිරීම හැර මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම ජනතාව පවසා සිටිති.

කිලිනොච්චිය දිස්ත්‍රික්ක සම්බන්‍ධිකාරක රැස්වීමකදී එම පාලමේ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 70ක් පමණ අවශ්‍ය බව පෙන්වාදී ඇති බව පැවැසේ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අක්කරායන් ප්‍රදේශය ගංවතුර ආපදාවට වැඩි වශයෙන් බාධාවට පත්වන ප්‍රදේශයක් වීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top