ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් කෙරේ

උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප්‍රථම අලෙවි සැල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (28) පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.

මේ හා සමගාමීව ලංකා සතොස අලෙවිසැල් 52 ක් දිවයින පුරා විවෘත කිරීම අද සිදුකෙරිණි. මේ අනුව දැනට දිවයින පුරා ලංකා සතොස අලෙවි සැල් 380 ක් පවතින අතර මෙම වසර අවසාන වන විට එය 500 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

කොහුවල නව සතොස අලෙවිසැල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, අමාත්‍ය මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ලංකා සතොස සභාපති ටී.එම්.ඩී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top