සන්ධ්‍යා එක්නැලිගොඩට අමෙරිකාවෙන් දිරිය කාන්තා සම්මානයක්

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ‘වසරේ දිරිය කාන්තාව’ සම්මානය මෙවර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හිමිවී ඇති බව වාර්තාවේ.

මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුක්තිය , සාමය හා ලිංගික සමානාත්මතාව වෙනුවෙන් කාන්තාවන් කළ සේවය ඇගයීමට මෙම සම්මානය පිරිනැමේ.

අතුරුදහන් වූ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සහ ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදහන්වූවන් වෙනුවෙන් කළ මෙහෙය උදෙසා සන්ධ්‍යා එක්නැළිගොඩ එම සම්මානයෙන් පිදුම් ලබන බව පැවැසේ.

2007 වසරේදී මෙම සම්මානය පළමු වරට හඳුන්වාදුන් අතර, 2010 වසරේදී පුත්තලමේ ජන්සිලා මජීඩ් මෙම සම්මානයෙන් පිදුම් ලැබූවාය, මෙවර ලෝකය පුරා තෝරාගත් රටවල කාන්තාවන් 13 දෙනෙකු වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමීමට නියමිතය.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් හා උප රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොනන් මහතා අතින් එක්නැලිගොඩ මහත්මියට මෙම සම්මානය ප්‍රදානය කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top