පිල්ලෙයාන් ඇතුළු සිව් දෙනා යලිත් රිමාන්ඩ්

හිටපු නැගෙනහිර මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක පිල්ලෙයියාන් නොහොත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සිව් දෙනා ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ගනේෂරාජා මහතා නියෝග කර තිබේ.

පිල්ලයාන් සමඟ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් හෙවත් එඩිවින් සිල්වා, ක්‍රිස්ණරාජා, ගජන් මාමා හෙවත් කනකනායකම් සහ හමුදා බුද්ධි අංශ නිළධාරියකු වන එම්. කලීල් යන පිරිස මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන්ව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වනදා අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top