අද කොළඹ පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද අඟහරුවාදා දිනයේ පැය 18ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.  අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට එළි හවුස් ජලාශයට ජලය සැපයෙන ප‍්‍රධාන ජල නළ පද්ධතියේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි. අද උදෑසන නවයේ සිට බදාදා අලූයම 03 දක්වා එම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව වාර්තාවේ.

ඒ අනූව බේස්ලයින් පාරේ කැළණි පාලම අසල සිට දෙමටගොඩ හන්දිය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. කොස්ගස් හන්දිය, ග‍්‍රෑන්ඞ්පාස්, මහවත්ත සහ තොටලග යන ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top