රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ වමිර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා ඊයේ (03) නියෝග කර තිබේ.

2013.08.01 රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් හා පහරදීමකින් තිදෙනෙකු මිය ගිය අතර ඉන් දෙදෙනෙකු වෙඩි වැදීමෙන්ද එක් අයෙකු පහරදීමකින්ද මිය ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගම්පහ අධිකරණයට වාර්තා කළහ.

දැනට අත්අඩංගුවට ගත් තිදෙනා වෙඩි තැබීම සිදු කළ බවට සැක කර අත්අඩංගුවට ගෙන ඇති බවත් අණ දුන් හා නියෝග ලබාදුන් නිලධාරීන් සම්බන්ධයෙන් අනාවරණය වූ කරණු ඔස්සේ පරීක්ෂණ කරන අතර, පහරදීම් සම්බන්ධව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරන බවත් එම දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top