උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 10ක් සහන මිලට..

උත්සව සමය වෙනුවෙන් අද (10) සිට රුපියල් 1500 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් රුපියල් 975ක් වැනි සහනදායි මිලකට වෙළඳපොළට නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම සහනදායි වැඩපිළීවෙල එළඹෙන 18 වැනිදා දක්වා සතොස හරහා අලෙවි කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කර ඇත.උත්සව සමයේ භාණ්ඩ මිල ගණන් සොයා බැලීම සඳහා ඊයේ (09) කොළඹ ප‍්‍රදේශයේ සුපිරි වෙළඳසැල් කිහිපයක හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වු අමාත්‍යවරයා මේ බව සදහන් කරන ලදී.

එහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඇතැම් දේශපාලඥයින් චෝදනා කරන පරිදි භාණ්ඩ හිඟයක් නොමැති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top