රනිල් අද දින ජපාන අගමැතිව හමුවෙයි..

ජපාන නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර නිල සාකච්ඡා අද (11) ආරම්භ වීමය නියමිතය.

ජපාන නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුලූ දූත පිරිස ඊයේ (10) දින ජපානයේ වේලාවෙන් ප.ව. 5.30 ට පමණ නරීතා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ජපානයට ළඟා විය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස පිළිගනු ලැබූයේ ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමි  මහතා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා සහ එම මහත්මිය ඇතුලූ කාර්ය මණ්ඩලය විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top