අද ශ්‍රීලනිපයේ විශේෂ සාකච්ඡාවක්

– Global Tamil News –

අද ශ්‍රීලනිපයේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (04) දින රාත්‍රි  7.00ට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

මෙම රැස්වීමට පෙර පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවක්ද ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත බවත් එහිදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධාන කළ පාද යාත‍්‍රාවට සහභාගි වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් ගනු ලබන විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය සම්බන්ධයෙන් ද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top