ඉනියපාරදිගේ ආධාරකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Arrest_CIහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අම්පාර දිස්ත්‍රික්ක සම්බන්‍ධිකාරක හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ද වන කේ. පුෂ්පකුමාර්ගේ (ඉනියපාරදි) හිටපු රියදුරා ඇතුළු ආධාරකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද ඉරිදා දින පෙරවරුවේ අම්පාර පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පවසා තිබේ.

කොටි සංවිධානය දෙකට කැඩී ගිය අවස්ථාවේ, නැගෙනහිර පළාත භාරව සිටි කරුණා අම්මාන් හෙවත් විනායකමූර්ති මුරලිදරන් සමඟ වෙන්වූ කොටි සංවිධානයේ ප්‍රධාන පෙල නායකයන් අතර ඉනියපාරදීද එක් අයකි.

පසු කාලයේ පසුගිය පාලකයන් විසින් සිදු කළ පැහැරගෙන යෑම, අතුරුදහන් කිරීම්, කප්පම් ගැනීම වැනි අපරාධ ක්‍රියාවලට යොදාගත් පුද්ගලයන් අතර ඉනියපාරදි ඇතුළු ඔවුන්ගේ ආධාරකරුවන් ද සිටින බවට චෝදනා එල්ලවී තිබුණි.

කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියපාරදි ‘පුෂ්පකුමාර‘ යන සිංහල නමින් ද තම නීතිවිරෝධි කටයුතු පවත්වාගෙන ගිය බවට එවකට මාධ්‍යවල පුවත් පළවී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top