පන්නංකන්ඩි ජනතාවගේ විරෝධතාවය – අදට දින 23ක් අවසන්

තම ඉඩම් සඳහා වූ ලිපි ලේඛණ, යටිතල පහසුකම් සහ ස්ථීර නිවාස ව්‍යාපෘතිය මෙතෙක් ලැබී නැති බව පවසා කිලිනොච්චිය පන්නංකන්ඩි, සරස්වතිගමම් ප්‍රදේශවාසීන් විසින් පවත්වාගෙන යන විරෝධතාවට අදට දින 23ක් අවසන්වී තිබේ.

මෙතෙක් කාලයක් මූලික අයිතිවාසිකම් පවා නොමැති ජන කොටසක් ලෙස ජීවත්වුයෙමු, තවඳුරටත් එලෙස ජීවත්වීමට නොහැක, අපගේ ඉඩම්වල ලිපි ලේඛණ ලබාදීමට පියවර ගන්නැයි ඉල්ලා එම ජනතාව මෙලෙස විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.

තම ඉඩමේ ඔප්පු තිරප්පු ලැබෙන තෙක් තම විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බව එම ජනතාව වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top