ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හැටන් ප්‍රදේශයේ සංචාරයකට

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට සහභාගී වීමට මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හැටන් ප්‍රදේශයේ සංචාරයකද නිරත වීමට නියමිත බව වාර්තාවේ. එම කටයුතු සොයා බැලීම සඳහා ඉන්දීය දූත පිරිසක් පසුගියදා වතුකරයේ සංචාරයක නිරතව තිබේ.

ඉන්දීය ආධාර යටතේ හැටන් දික්ඔය මූලික රෝහලේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිත අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගීත්වයෙන් වතුකරයේ ජනහමුවක් පැවැත්වීමට ද නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top