කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හමුදාව යටතේ ඉඩම් අක්කර 1515ක්

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හමුදාව යටතේ ඉඩම් අක්කර 1515ක් තිබෙන බව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ සංඛ්‍යා ලේඛණ සඳහන් කරයි. පසුගියදා දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති හමුදාව යටතේ ඇති ජනතාවගේ ඉම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවේදී මෙම තොරතුරු නිකුත් කෙරුණි.

ඒ අනුව පුද්ගලික ඉඩම් බලපත්‍ර හිමි ඉඩම් අක්කර 542.2ක්ද, රාජ්‍ය දෙපාර්තුමෙන්තුවලට අයත් ඉඩම් අක්කර 973.5ක්ද හමුදාව යටතේ තිබේ.

කරයිච්චිය ප්‍රදේශිය ලේකම් කොඨාශයෙන් ඉඩම් අක්කර 667ක්ද, කන්ඩාවලයි ප්‍රදේශිය ලේකම් කොඨාශයෙන් ඉඩම් අක්කර 185ක්ද, පූනගරි ප්‍රදේශිය ලේකම් කොඨාශයෙන් ඉඩම් අක්කර 592.7ක්ද, පච්චිලයිපල්ලි ප්‍රදේශිය ලේකම් කොඨාශයෙන් ඉඩම් අක්කර 71ක්ද හමුදාව යටතේ තිබෙන බව සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top