හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රත්මලාන සහ වත්තල ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකෙරුණු වැටලීමකදී රත්මලාන ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 100ක් සොයාගෙන තිබේ.

මේ අතර වත්තල, බාලහේනවත්ත ප්‍රදේශයේ දී හොරොයින් ළඟ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 150ක්ද සොයාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top