27 වනදා හර්තාලයට දෙමළ මහජන සභාවේ පූර්ණ සහාය..

අතුරුදන්වූවන් සහ ඉඩම් නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපරයෙහි නිරත ජනතාව විසින් ලබන 27 වනදාට ඇරයුම් කර ඇති හර්තාලයට දෙමළ මහජන සභාව සිය පූර්ණ සහාය පළ කර තිබේ.

උතුරු පළාතේ විරෝධතාවයෙහි නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ ඉඩම් නිදහස් කර ගැනීමේ විරෝධතාවයෙහි නිරතව සිටින ජනතාවට යුක්තිය ඉල්ලා සිටීමේ අරමුණින්, දෙමළ මහජන සභාවේ සහකාර නායක සී.වී. විග්නේස්වරන් සහ වෛද්‍ය ලක්‍ෂමන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ මහජන සභාව ඊයේ දින ත්‍රිකුණාමලයදී රැස්වුණි.

එහිදී අතුරුදන්වූවන් සහ ඉඩම් නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපරයෙහි නිරත ජනතාව විසින් ලබන 27 වනදාට ඇරයුම් කර ඇති හර්තාලයට දෙමළ මහජන සභාව ද සිය පූර්ණ සහාය ලබාදීමට තීරණය කර තිබේ.

තවද ඉකුත් විරෝධතා ව්‍යාපාරයට දෙමළ ජනතාව සිය පූර්ණ සහය ලබාදිය යුතු යැයි දෙමළ මහජන සභාව ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top