කිලිනොච්චිය සිවිල් ආරක්‍ෂක සේවකයන් හා ඥාතීන් විරෝධතාවයක..

කිලිනොච්චිය සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ සේවකයන් සහ ඔවුන්ගේ ඥාතීන් එක්ව අද (24) දින විරෝධතාවක් පවත්වා තිබේ.

තමන් සේවය කරන සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවට අයත් ගොවිපළ ඉඩම් පවරා නොගන්නා ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරතවූහ. අද පෙරුවරු 10ට පමණ කිලිනොච්චිය ඩිපෝ හංදියේදී ආරම්භ වූ විරෝධතා පාගමන දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා ගොස් එහිදී තම ඉල්ලීම් ඇතුලත් ලිපිය දිස්ත්‍රික්ක ලේකම් සුන්දරම් අරුමයිනායකම් මහතා වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top