මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර – සෞඛ්‍ය ඇමැති

මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක මැලේරියා දිනය ( අප්‍රේල් 25 )වෙනුවෙන් ඊයේ (24) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙන බවත් රටවල් 91ක ජනතාව මැලේරියා රෝගයෙන් මේ වන විට පීඩා විඳින අතර වසර 2030 වන විට මැලේරියාව ලෝකයෙන් තුරන් කර දැමීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ බව හෙතෙම පවසා තිබේ.

2009 වසරේ මැලේරියා මර්දන වැඩසටහන් අඛණ්ඩව ආරම්භ කර 2016 වසරේ දී රෝගය තුරන් කිරීමේ සහතිකය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top