ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ බෙන්තොටදී අද (25) අලුයම 4.30ට පමණ බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීම නිසා 15 දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුරු සිදුව අැති බවට මේ වන විට කරුණු සනාථ වී අැති අතර මෙම අනතුර නිසා තුවාල ලැබූ බස් රථයේ ගමන් කරමින් සිටි පිරිස බලපිටිය, කළුතර නාගොඩ සහ අලුත්ගම රෝහල්වල ඇතුළත් කර තිබේ.