ඩිල්ෂාන් අධිකරණයට ඉදිරිපත් වෙයි…

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ඉදිරිපත් කරමින් අද (25දා) අධිකරණයට බාරවී තිබේ.

මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීම නිසා තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව නිකුත් කරන ලද වරෙන්තුව, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) අත්හිටුවන ලදී.

ඊයේ දින නඩු විභාගයක් සඳහා අධිකරණයට නොපැමිණිම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය. කෙසේ නමුත් නඩු දිනය සම්බන්ධයෙන් අැතිවූ අපහැදිලිතාවයක් හේතුවෙන් තමන්ට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව තිලකරත්න ඩිල්ෂාන් විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසු අදාළ වරෙන්තුව අත්හිටුවීමට අධිරණය කටයුතු කර තිබේ.්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top