ජනාධිපති නීතිඥවරුන් 25ක් පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නීතීඥ වෘත්තීයේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතීඥවරුන් පිරිසක් මෙලෙස ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව දයා පැල්පොල , ආරිය බී රැකව , අනුර බණ්ඩාර මැද්දෙගොඩ , නිශ්ශංක නානායක්කාර , නෙවිල් අබේරත්න , අනුජ කෞෂික ප්‍රේමරත්න , ඒ එල් එම් හෙදයාතුල්ලා , සමන්ත රත්වත්තේ , විජේරත්න ධර්මසේන , උපාලි සේනාරත්න , පද්ම බණ්ඩාර , එස් කේ මාරික් පීරිස් , කරුණාරත්න හේරත් , මහේන්ද්‍ර සුවඳරත්න , ඒ පී සී එම් ජයසේකර , මොහාන් වීරකෝන් , පී ආර් එස් පී සමරනායක , උපුල් ජයසූරිය , ආනන්ද වික්‍රමසේකර , ජේ සී වැලිඅමුණ , එම් ඒ සුමන්තිරන් , විජය නිරංජන් පෙරේරා , කරුණාදේවගේ විමලදාස , මොහොමඩ් නිසාම් , කාරියප්පර් , විවේකානන්දන් පුවිදරන් යන මහත්වරුනුයි ජනාධිපති නීතීඥවරුන් ලෙස පත්කර තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top