මැයි දිනයේදී මහජන දේපළ අවභාවිතා කිරීමෙන් වළකින්න – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්

මෙවර මැයි දිනයේදී මහජන දේපල අවභාවිතා කිරීමෙන් වළකින්නැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සමස්ත දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති අැතුළු සියළුදෙනාගෙන් ඉල්ලීමක් කර සිටියි.

මැයි දින පෙළපාලි සහ රැළි සදහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීමට මේ වන විටත් බස් රථ සහ දුම්රිය අැතුළු මහජන ප්‍රවාහන සේවා අති විශාල ප්‍රමාණයක්‌ වෙන් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් මේ අාකාරයට මහජන දේපළ භාවිතා කිරීමේදී, අදාළ දේපළ සතු පොදු අධිකාරියන්ට අනුකූල නිසි ක්‍රමවේදයක් අනුගමනය කීරීම ඉතා වැදගත් බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top