කොළඹ කුණු කරදියානට දැමීම අධිකරණය අත්හිටුවයි

කොළඹ කුණු කරදියාන කසළ අංගණයට බැහැර කිරීම සඳහා පසුගිය 18වනදා අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගය අත්හිටුවීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) තීරණය කර තිබේ.

ජනජීවිතවලට පීඩා ගෙනදෙමින් එම අංගනයට සිදු කරණ අවිධිමත් කසළ බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනු කර තිබූ පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සළකා බලමිණ් මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, නීතීඥ සුනිල් වටගල මහතා සඳහන් කර සිටියේ කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මෙට්‍රික්ටොන් 350ක් දිනකට බැහැර කිරීමට මීට පෙර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝයගක් ලබා දී තිබූ බවත් ප්‍රදේශවාසීන්, දේශපාලඥයන්, පරිසරවේදීන් ඇතුළු සංවිධාන ගණනාවක් නීතීඥයින් මාර්ගයෙන් දැක්වූ කරුණු පැහැදිළිකිරීම් අවසානයේ අධිකරණය මෙම අත්හිටුවීමේ නියෝගය නිකුත් කිරීමේ තීරණයට පැමිණ බවය.

එමෙන්ම ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චී මහතා ඇතුළු පිරිසකට එරෙහිව පොලීසිය ගොනු කර තිබූ නඩුවද අද උක්ත පෙත්සමට සමගාමීව කැඳවා තිබූ අතර එහිදී පොලිසිය විසින් අධිකරණය නොමග යවන සුළු කරුණු විශාල ප්‍රමාණයක් දක්වා ඇත. නීතීඥයින්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ එම කරුණු අධිකරණය නොමගයවන ඝණයේ කරුණු බව අනාවරණය වී ඇත.

මෙම නඩුවේදී ප්‍රදේශවාසීන්ගේ පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ සිටි සියළුම නීතීඥයින් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වී තිබේ.

එම නඩුව නැවත ලබන 19වනදා කැඳවීමට නියමිත අතර එදිනට කරුණු දක්වන ලෙස බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කලමනාකරන අධිකාරියට නියෝග කර ඇත.

අද ප්‍රදේශවාසීන් විසින් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්ද පවත්වා තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top