හෙට සිට දිවයින පුරා බොහෝ පළාත්වලට වැසි

දිවයින පුරා පළාත් රැසක හෙට (30) දිනෙන් පසු සවස්‌ කාලය තුළ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව යන පළාත්වල සවස 2.00 න් පසුව වැසි ඇති විය හැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්‌වා වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top