රු. මිලියන 123ක් මුදලක් රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට රුපියල් මිලියන 123 ක මුදලක් රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ඊයේ (29) ගෙන තිබේ.

මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් රටින් ගෙනයාම නීතිවිරෝධී ක්‍රියාවක් හෙයින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සිංගප්පූරුව බලා පිටත්ව යාමට උත්සාහ කළ ඔහු පිළිබඳ සැක සිතූ රේගු නිලධාරීන් කළ පරීක්‍ෂා කිරීමකදී රුපියල් මිලියන 123 කට අධික මෙම මුදල් තොගය සොයා ගෙන තිබේ.

සැකකරු මීට පෙර මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුකර තිබේ ද යන්න පිළිබඳ සොයා බැලීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top