අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ නියෝජිතයන්ව විග්නේෂ්වරන් හමුවෙයි..

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ නියෝජිතයන්ව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි මහ ඇමැති කාර්‍යාලයේදී අද (30) දින මෙම හමුව පැවැත්වුණි. අතුරුදන්වූවන්ගේ ඥාතීන් සියළු දෙනා එක්රැස් කර සංවිධානයක් පිහිටුවීම පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව පැවැසේ.

අවසන් යුද්දය පැවැති සමයේදී අතුරුදන්වූවන් සම්බන්‍ධයෙන් සාධාරණීය පරීක්‍ෂණයක් සිදු කරන ලෙසත්, ඔවුන් ගැන තොරතුරු හෙළි කරන ලෙසත් ඉල්ලා පසුගිය දින 70ක් තිස්සේ උතුර නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන්ගේ ඥාතීන් සත්‍යග්‍රහයක නිරතව සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top