කිලිනොච්චිය මැයි රැලිය අපේ – අතුරුදන්වූවන්ගේ ඥාතීන්

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට පෙරවරු නවයට ආරම්භ වී ඩිපෝ හංදිය දක්වා යන පාගමන සහ මැයි දිනය කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වන මැයි දිනය බව අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ.

අතුරුන්වූවන්ගේ ඥාතීන් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අද ඉරිදා දිනට දින 70ක් අවසන් වී තිබෙන අතර, මෙවර මැයි දිනය අතුරුදන්වූවන්ට විසඳුමක් ඉල්ලා පවත්වන මැයි දිනයක් බව ඔවුන් පවසා තිබේ.

මේ සම්බන්‍ධයෙන් අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපති කලාරන්චනි පවසා සිටියේ, අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වන මැයි දින පාගමනට සියළු පක්‍ෂයන් සහ පොදු සංවිධානවලටද සහභාගි විය හැකි බවත්, අපි අපගේ ඥාතීන්ට සාධාරණයක් ඉල්ලා මෙවර මැයි දිනය පවත්වන බවද පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top