ජනපති ප්‍රේමදාස 24 වන ගුණ සමරුව අද

මෙරට දෙවන විධායක ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසගේ 24 වන ගුණ සමරු උත්සවය අද අද(01) පෙරවරු 8.00ට කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ගුණ සමරු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.

1993 වසරේ මැයි පළවනදා මැයි දින පෙළපාලියේ ගමන් කරමින් සිටිය දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකට ලක්ව රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත්වුණි. ඝාතනයට ලක්වන විට හැට නව වන වියේ පසු වුණා. ඒ ඊ ගුණසිංහගේ කම්කරු පක්‍ෂයෙන් දේශපාලනය ඇරඹූ රණසිංහ ප්‍රේමදාස මහතා 1950දී එක්සත් ජාතික පක්‍ෂයට එක්වූ අතර, ජනසවිය , ගම් උදාව , ඇගලුම් කම්හල් වැනි නව ව්‍යාපෘති හඳුන්වාදෙමින් මෙරට ග්‍රාමීය ආර්ථිකයෙහි විශාලතම වෙනස සිදු කිරීමට රණසිංහ ප්‍රේමදාස මහාත දායවුණි.

මේ අතර, එමෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ගුණානුස්මරණය වෙනුවෙන් අද(01) පෙරවරු 6.00ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන සපිකරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top