හෙරෝයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මරදාන සහ පෑලියගොඩ යන ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන දෙමටගොඩ පාර හන්දිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 480ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි අදාල වැටලීම සිදු කෙරුණේ. 53 හැවිරිදි සැකකරු වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පෑලියගොඩ නුගේපාර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 30ක් වූ සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය මේ පිළිබද වැඩිදුර විමර්ශන පවත්වනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top