සිරිකොතට වෙඩි තැබූ කොස්තාපල් අධිකරණයට

එක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත මූලස්ථානයේ නාම පුවරුවේ ඇති අලියා ලාංජනයට වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයෙකු ව අද (2) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ එපිටමුල්ල ප‍්‍රදේශයේ පිහිටි නිවසක රාජකාරියේ නිරත වූ පොලිස් කොස්තාපල්වරයෙක් සිරිකොත පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඇති නාමපූරුවට වෙඩි තබා ඇති බවට වාර්තාවේ.

ඊයේ පස්වරුවේ රාජකාරියට යමින් සිටියදී එම නිළධාරීයා විසින් සිය රාජකාරී ගිනි අවියෙන් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වු බව මිරිහාන පොලිසිය සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top