ගම්මන්පිලට රට යන්න අවසර…

අැමෙරිකාවේදී පැවැත්වීමට නියමිත ආගමික උත්සවයක් සඳහා සහභාගී වීමට තමන්ට අවසර ලබාදෙන ලෙස මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඒ සදහා අවසර ලබා දී ඇත.

ඒ අනුව අධිකරණය බාරයේ පවතින මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 2ක පෞද්ගලික ඇපකරයක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු කේ.කේ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කර ඇත.

මේ මස 18 වන දින සිට 24 වන දින දක්වා කාලය තුළ මන්ත්‍රීවරයාට වි‍දෙස් ගතවීම සඳහා මෙලෙස අවසර ලබා දී ඇති අතර නැවත දිවයිනට පැමිණි පසුව එම විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාර දෙන ලෙස මන්ත්‍රිවරයාට නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top